වලස්මුල්ල, යහලමුල්ල ප්රදේශයේදී පොලිස් සැරයන් වරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබම සිදු කළ පුද්ගලයාගේ නිවස අසලින් තුවාල ලැබූ පුද්ගලයන්ගේ නිවෙස් වලට ජලය සැපයීමේ ජල නල එළීමට යාමේදී ඇති වූ ආරවුලක් මත බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, මෙම පොලිස් සැරයන්වරයා අසනීප නිවාඩුමත සිට ඇති බවයි පොලීසිය සදහන් කළේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් දෙදෙනා 28 සහ 65 වයස් වල පසුවන අතර, අනෙත් දෙදෙනා 41 හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු 06 දියණිය වන බවට අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු සැරයන්වරයා ප්රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව සොයා වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.