නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගිය දිනවලදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වලපනේ ප්‍රදේශයේ ඇති වූ ආපදාවන් පිළිබඳ සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂන චාරිකාවකට එක්ව තිබෙනවා.
මෙහිදී එම ප්‍රදේශයේ සිදුව ඇති නායයාම් හා පස් කඳු කඩා වැටීමෙන් විනාශයට පත්ව ඇති ාමර්ග සංවර්ධනය කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම ඇතුළු විවිධ ගැටලු සඳහා අවශ්‍ය කටයුතු ඉටුකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා.
එම තත්ත්වයන් මත වලපනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයෙන පදියපැලැල්ල හරහා ගලා යන බෙලිහුල්ඔයේ වැල්ලගිරිය, වඩුවාවල හානියට පත් සුළු වාරිමාර්ග නිරීක්ෂණය කර එය නවීකරණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදු කර තිබෙනවා.
එමෙන්ම පදියපැලැල්ල නගරය හරහා ගලා බසින බෙලිහුල් ඔයට ඉහළින් ඉදිකර තිබෙන පැරණි පාලමද නිරීක්ෂනය කර එම පාලමට පහළින් රැඳී තිබෙන විශාල ගල් ඉවත් කර එහි අවහිරතා ඉවත් කිරීමටද පදියපැලැල්ල නගරය ආසන්නයේ ප%ධාන මාර්ගයේ පිහිටි පාලමක් අසල සිදුව ඇති මාර්ග ගිලා බැසීම නැවත ප්‍රතිසංස්කරණය කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.
වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති නලීන් දේශප්‍රිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් ඒ.ඒ. වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.











