වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද(26) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු නොගෙවීමට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණා.
සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට අද(26) ඉදිරිපත් වූවා.
ඉන් අනතුරුව නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීමටයි මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.
සැකකරු ැපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට නියෝග කළා.
ව්‍යාපාරිකයෙකු වූ සජින් වාස් ගුණවර්ධන මහතා 2010 – 2012 වර්ෂවලට අදාළව ආදායම් බදු නොගැවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී මෙම නඩුව පවරා තිබෙනවා.