වලස්මුල්ල, වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝගය මත අද(17) යළි ගොඩගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට කරන ලද පාපෝච්චාරණයක් අනුව එලෙස මෘතදේහය ගොඩගෙන තිබෙනවා.
මෙලෙස ගොඩගෙන ඇත්තේ පසුගිය මැයි මස 11 වනදා සිටි මාස දෙකකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරකි.
අදාළ පුද්ගලයා අතුරුදන්ව ඇති බවට මෙතෙක් කල් කිසිවෙක් පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් සිදු කර නැහැ.
කෙසේ වෙතත් පසුගිය අට වැනිදා පළමුවරට පොලිසියට පැමිල්ලක් ගොනුකර ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයාගේ සහෝදරියක් විසින්.
අදාළ පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය අතුරුදන් පුද්ගලයාගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එහිදී සැකකාරිය පොලිසියට පාපොච්ඡාරණය කර ඇත්තේ පසුගිය මැයි මස 11 වන දින ඇය සහ සැමියා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් එහිදී තමා විසින් සැමියාට පහර දුන් බවයි.
එලෙස පහරදීමේදී සැමියා මියගිය බවත් අනතුරුව ඔහුගේ සිරුර සිය නිවසේ පිටුපස රහසිගතව වළ දැමීමට කටයුතු කළ බවත් බිරිඳ පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ බිරිඳට අමතරව ඇය සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන තවත් අයෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සිදු වූ දිනයේදී එම නිවසේ සිටි මියගිය පුද්ගලයාගේ දැරියක් අදහස් දැකවමින් කියා සිටියේ සිය මව සහ අනෙක් පුද්ගලයා විසින් තම පියාවට පහර දුන් බවයි.