මෙවර වර්ෂා කාලයේ වර්ෂාව නොලැබීම හේතුවෙන් මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය ප්‍රදේශවල වී වගා කටයුතු විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා.
වැව්වල ජල මට්ටම අවම වී තිබෙමින්, ගොවීන්ට කුඹුරු අස්වනු රැක ගැනීම දුෂ්කර වී ඇති බව ඔවුන් පවසනවා. මැදවච්චියේ ගොවිවරයෙකු වූ එම්. කරුණාරත්න මහතා කියා සිටියේ, “වර්ෂාවේ අඩුව නිසා ගොවීන් අසරණ තත්ත්වයකට පත්වී බවත් ඇතැම් ගම්මානවලට වැස්ස කිසිසේත් ලැබුණේ නැහැ” යනුවෙනි.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවීන් ද පවසන අතර, වගා භූමියේ අක්කර ගණන් විනාශ වෙමින් පවතින බවත්, ජල හිඟය නිසා වී වගාව පවත්වා ගැනීමට නොහැකි බවත් සඳහන් කළා.
ඔවුන් අවධාරණය කරන්නේ, පෙර දිවංගත අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා විසින් ආරම්භ කළ මහ කනදරාව ජල ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමෙන් මෙම ප්‍රදේශවල ජල හිඟය විසඳිය හැකි බවයි.
ඒ අනුව, ව්‍යාපෘතිය නැවත ආරම්භ වූහොත් ඔවුන්ට වගා කටයුතු සකස් කර රටට විශාල වී අස්වනු ප්‍රමාණයක් ලබා දිය හැකි බවත් ඔවුන් සදහන් කළා .













