වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදල් ලබාදෙන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයපවසනවා.
එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ, වගා හානි තක්සේරුව සදහා විශේෂ කණ්ඩායම් මේ වන විට යොදවා ඇති බවයි.
වගා හානි පිළිබඳ තොරතුරු 1918 අංකය අමතා, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අමතා දැනුම් දිය හැකි බවද සඳහන්.