ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
තම ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ඊයේ සදහන් කළා
එම සංගමය,පවසා සිටියේ, ප්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පසුගිය 22 දා යොමුකළ ලිපිය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් මෙම ක්‍රියාමාර්ගයට එළැඹෙන බවයි.
ඒ අනුව ජූලි මස 30 වන දා සහ 31 වන දා යන දෙදින මෙම වැඩවර්ජනය සිදු කිරීමට තීරණය කර තිබුණා.
දුම්රිය රියදුරු ශ්‍රේණිය මුහුණදෙන පරිපාලන ගැටලු සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් තීරණාත්මක විසඳුමක් නොලැබුණහොත් මෙම වැඩවර්ජනය අනිවාර්යෙයන්ම සිදුකරන බවටයි එම සංගමය පවසා ඇත්තේ .
මේ අතර දුම්රිය රියදුරන්ට බලපා ඇති ගැටලු පිළිබඳ සාකච්ජා කිරීමට අවස්ථාවක් ලබාදී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
ජනතාව අපහසුතාවට පත්නොකර සාකච්ජා මාර්ගයෙන් ගැටලු විසඳා ගනිමින් කටයුතු කල යුතු බවයි සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ.