Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වයස 50 ට වැඩිද? – දැන්ම ඇස් පරික්ෂා කරගන්න

    වයස 50 ට වැඩිද? – දැන්ම ඇස් පරික්ෂා කරගන්න

    2024-03-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඒ අයත් අක්ෂි පරීක්ෂා කර ගැනීම ද, ඉතාම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

    සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කරන ලදදේ අද (05) දින පෙරවරුවේ ජාතික අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමා රෝගය පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්ය.

    2024 වර්ෂයේ, ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල කටයුතු සිදු කර ඇති අතර, මෙම වර්ෂයේ දී තේමාව වශයෙන් “ග්ලෝකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු” යන්න ගෙන ඇත.

    මේ වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ රෝගීන් මෙන්ම දිවයින පුරා අක්ෂි සායන වල රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍යවරුන් දැනුවත් කිරමේ වැඩසටහන්, දිවයින පුරා රෝහල් වල ග්ලෝකෝමා විශේෂ අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, මෙහි පලමු අදියර ලෙස ගාල්ල, පුත්තලම, බදුල්ල, මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ, “ග්ලුකෝමාව කලින් හදුනා ගතහොත් අන්ධභාවයට පත් වීම වලක්වා ගත හැකි බවත්, ගෝලිය හා මෙරට වශයෙන් ගත්විට අන්ධභාවයට පත්වීමට තුඩු දෙන එක් ප්‍රධාන හේතුවක් ලෙස ග්ලෝකෝමා රෝගය හදුන්වා දිය හැකි බවද, පැවසීය.

    ග්ලෝකෝමා ලෝක දත්ත විශ්ලේෂණය කර බලන විට ගෝලීය තත්වය 3.54% ක් වන බවත් ලංකාවේ එම තත්වය 5% කට ආසන්න තත්වයක තිබෙන බව දත්ත මගින් පෙන්වා දී තිබෙන බවද, පැවසු සෞඛ්‍ය ලේකම්වරයා මෙරට වැඩිහිටි ජනගහනය වැඩිවීමත්, මෙයට එක් හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකි බවද කීය.

    මේ නිසාවෙන් අක්ෂි පරීක්ෂාව ඉතාම වැදගත් වන බවත්, මාධ්‍ය මගින් මෙම පණිවිඩය ජනතාව වෙත ගෙන යාම ඉතාම වැදගත් වන බවත් මෙරට අක්ෂි ආබාධ කල් ඇතිව හදුනා ගෙන වලක්වා ගත හැකි ආබාධ, වලක්වා ගැනීම සදහා වැඩසටහන් සම්පාදනය කර තිබෙන බව පෙන්වා දුන් ලේකම්වරයා VISION 2020 වැඩසටහන මගින් ද, විශාල කාර්යභාර්යක් සිදු කල බවද VISION 2030 වැඩසටහන හරහා ද, මෙරට ජනතාවගේ අක්ෂි ආබාධ වලක්වාලීම සදහා සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය.

    ආශ්‍රීත පුවත්:  පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්

    මෙම මාධ්‍ය සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆීක්, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය මොනිකා විජේරත්න, ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමිල ද අල්විස්, ග්ලෝකෝමා අනුකමිටු‌වේ සාමාජික විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ, VISION 2030 වැඩසටහන නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය ලලිතා සේනාරත්න, ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ යන මහත්ම මහත්මීන් සමඟ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ජනමාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගී වුහ.

    Glocoma Srilanka
    පෙර පුව​තනාවලපිටියේදී දුම්රිය සේවකයින්ගෙන් සංචාරකයින්ට ගුටි
    ඊළඟ පුව​ත 2024 දී චීනයේ අපේක්ෂාව

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group