වයස අවුරුදු 15 ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව
කියා සිටියා.
ඒ අනුව පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය, විදෙස් ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය ඩිජිටල්කරණය වනු ඇති.
රුපියල් බිලියන 12 ක පමණ ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන අතර මේ සඳහා ඉන්දියානු ආධාර හිමිවන බව ද කනක හේරත් මහතා සඳහන් කළා.
එමෙන්ම ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- වාහනයක පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
- චීනයට නව කන්සියුලර් කාර්යාලයක්
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනයට අමෙරිකාවේ අඛණ්ඩ සහය
- බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
- පොලීසියෙන් නව මෘදුකාංගයක්
- බයිලා ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වෙයි
- ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශන