වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට පැවැත්වෙනවා.
පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.
ඩුබායි හි ෂක්‍ක් ඇකඩමි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී එම තරගය පවත්වනු ලබනවා.
එමෙන්ම තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය ඩුබායිහි සෙවන්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.
ඒ පාකිස්තාන සහ බංගලාදේශ 19 න් පහල කණ්ඩායම් අතරයි.
මෙම තරගය දෙකම මෙරට වේලාවෙන් හෙට පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.













