වයඹ විශ්වවිදයාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
මහේස්ත්‍රාත්වරයා අද(26) මෙම නියෝගය ලබාදී ඇත්තේ අදාළ සැකකාර සිසුන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ සැකකාර සිසුන් සිව්දෙනා සැප්තැම්බර් මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.