ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය පවසනවා.
මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ ක්‍රියාත්මක වනු ඇති.
පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන මෙම ඒකකය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුක්ත වනවා.
ඒ අනුව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම් ඒකකය අද පෙරවරුවේ විවෘත කෙරුණා.













