වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු අඹන්පොළ ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකොට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත් බවයි වාර්තා වන්නේ.
අඹන්පොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක් පමණ වයසැති පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
තම ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරීමට යාමේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයා වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.