වන අලි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මහවැලි එල් කලාපය හෙවත් වැලිඔය කල්‍යාණපුර ගම්මානයේ ගොවි මහතෙකු මියගොස් තිබෙනාව.
මෙලෙස ජීවීතක්ෂයට පත්ව තිබෙන්නේ ඒ.ආර්. ටිකිරි බණ්ඩා නැමැති 73 වන වියේ පසුවන ගොවි මහතෙකි.
ඔහු පාපැදියකින් රාත්‍රී ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
වන අලි තර්ජනය නිසා මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි අසරණ තත්වයකට පත් ව ඇති බවයි ගම්වාසීන් සඳහන් කරන්නේ.
මිය ගිය ගොවිමහතා ගම්වාසීන් දැක ඇති අතර අනතුරුව ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබෙනවා.