වන අලියෙකු පහරදීමෙන් ඇතිමලෙ ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(23) සවස් කාලයේදී ඇතිමලේ ලීමාඇටගල ප්‍රදේශයේදී මෙලෙස වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි.
වත්තේගම, මොනරාගල ප්‍රදේශයේ පදිංචි වය අවුරුදු 29ක පුද්ගලයෙක් එලෙස මියගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
විමර්ශනවලදී හෙළිව ඇත්තේ ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා වත්තේගම, ලීමාඇටගල පිහිටි ගවගාල වෙත ගිය අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.