Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනවාසී රාහුල හිමිගෙන් පොලිස්පතිට ඉල්ලීමක්

    වනවාසී රාහුල හිමිගෙන් පොලිස්පතිට ඉල්ලීමක්

    2025-08-26කියවීමට මිනිත්තු 3ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වර්තමානයේ රටේ මතුව ඇති අපරාධ රැල්ල සම්බන්ධයෙන් අවධානය යොමුකර එය මැඩපැවැත්වීම සඳහා අවධානය යොමු කරන ලෙසත් මෙම තත්ත්වය සාමාන්‍ය ජනතාවට දැඩි තර්ජනයක් බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා.

    උන්වහන්සේ මෙම ඉල්ලීම කර සිටියේ ජාතික නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    වත්මන් පොලිස්පතිවරයා පහළම මට්ටමේ සිට ඉතා අසීරුවෙන් ඉහළට පැමිණි අයෙක් බවත් පොලිස් සේවයේ දීර්ඝ කාලීන සේවයක් කර පොලිස්පති තනතුරට පැමිණි බවත් උන් වහන්සේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.

    එසේම එලෙස පහළම මට්ටමේ සිට පොලිස්පති තනතුර දක්වා පැමිණි ඉතිහාසයට එක්වන පොලිස්පතිවරයෙකු ලෙසටද වත්මන් පොලිස්පතිවරයා හැඳින්විය හැකි බවයි රාහුල හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

    මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් මෙලෙස කියා සිටියා.

    “මම හිතන විදිහට වර්තමාන පොලිස්පතිතුමා මේ රටේ යන අපරාධ රැල්ල පිළිබඳව අවධානය යොමු කරලා, මේක මැඩපැවැත්වීම සඳහා අවධානය යොමු කරන්න.

    මොකද මේක සාමාන්‍යය ජනතාවටත් ලොකු තර්ජනයක්. ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා කටයුතු කරයි කියලා මේ රටේ ජනතාව විශ්වාසය තියාගෙන ඉන්නවා.

    මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි. ඔබතුමා එන්න පෙර හිටපු පොලිස්පතිතුමා අද මේ වෙන කොට අත්අඩංගුවට අරගෙන එතුමා සිර ගත වෙලා සිටිනවා.

    ඒ පොලිස්පතිතුමාට අද පෙන්ෂන් එකවත් නෑ, මොනවත් නැති අපි වගේ සිවිල් කෙනෙක් හැටියට තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

    හිටපු පොලිස්පති පමණයි කියන්න තියෙන්නේ. මෙවැනි තත්වයකට පත් වුනේ මේ රටේ දේශපාලඥයොන්ගේ උපදෙස් අනුව අනීතිකව වැඩ කරපු නිසා.

    නැත්නම් කවදාවත් එහෙම වෙන්න බෑ. මේක රජයේ නිළධාරීන්ට හරිම වැදගත් ආදර්ශයක්. ඒක පොලිස්පතිතුමාට විතරක් නෙමෙයි සියලුම ත්‍රිවිධ හමුදාපතිවරු, රාජ්‍යය සේවයේ ඉන්න සියලුම උසස් නිළයන්වල, සියලුම රාජ්‍යය සේවකයින්ට හොඳම ආදර්ශයක් මේ හිටපු පොලිස්පතිතුමාට මුහුණ දෙන්න සිදු වූ සිදුවීම.

    කවුරුවත් නෑ පොලිස්පතිතුමනි මොනවා හරි කරදරයක් වුණාම. අනීතිකව වැඩ කරන්න එපා. දේශපාලඥයින්ගේ හස්තයන්ට ගොදුරු වෙන්නේ නැතිව තමන්ගේ රාජකාරිය නිසි පරිදී සර්ව සාධාරණව ජනතාවගේ පැත්තේ ඉඳලා නීත්‍යානූකූලව කටයුතු කලොත් මම හිතන්නේ ඔබතුමන්ට ගැලවුමක් තියෙයි.

    ඔබතුමා පිළිබද ලොකු විශ්වාසයක් තියෙනවා. මේ රටේ ජනතාවගේ මේ අපරාධ රැල්ලත් මෙහෙම යන්න දෙන්න බෑ.

    මෙහෙම යන එක රටට ආර්ථික වශයෙනුත් ලොකු පාඩුවක් වෙනවා. මොකද විදේශීය සංචාරකයෝ මේ රටට එන්න බය වෙනවා. ඒ නිසා ඉතාමත් ඉක්මනින් මේකත් මැඩපවත්වලා අවශ්‍යය සාමකාමී පරිසරයක් ඇති කිරීම සඳහා අවශ්‍යය කටයුතු කරන්න කියලා රජයෙන් සහ නව පොලිස්පතිතුමන්ගෙන් මම ඉල්ලීමක් කරනවා.

    සියලුම විධායක ශ්‍රේණියේ රාජ්‍යය නිළධාරීන්ගේ වත්කම් විගණනය කරලා පරික්ෂා කරලා බලලා ඒවාට අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව තියෙනවා, මුදල් විශුද්ධීකරන පනත තියෙනවා.

    ඒ නිසා ඒ පිළිබඳව තීන්දු තීරණ ගැනීම රජයේ වගකීම, සමහර රාජ්‍යය නිළධාරීන් විඳින අධිසුඛෝපබෝගී ජීවිත දැක්කම අපිට පුදුම හිතෙනවා.

    ඉතින් මේ වෙන කොට රාජ්‍යය නිළධාරීන් විශාල ප්‍රමාණයක් මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. පරීක්ෂණ කරගෙන යනවා, ඒ නිසා සියලු රාජ්‍යය නිලධාරීන්ගේ ගිණුම් විගණනය කරලා අවශ්‍ය කටයුතු කිරීම රජයේ කාර්යභාරය, ඒ තුළ අල්ලස, දූෂණය, වංචාව 75% ක් නැති කරන්න පුලුවන්.

    ජනාධිපතිතුමා, මේ ආණ්ඩුව කියනවා නිතරම අල්ලස, දූෂණය, වංචාව නැති කරනවා කියලා.

    නැති කරන්න නම් ඉදිරියේදී නිලධාරියකුටවත් අල්ලස් කියන කොට බය වෙන මට්ටමට මේ නීති ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.”

    පෙර පුව​තමාතර වෙරළ පාරේ වෙඩි තැබීමක්
    ඊළඟ පුව​ත බීමත්ව අශෝබන ලෙස හැසිරුණු 14ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group