මේ විට තුවාල ලැබූ වනඅලි 06 දෙනෙකුට පමණ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිකාර සිදුකරන බව එම දෙපාර්තුමේන්තුව පවසනවා. .
එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරන්නේ වන අලි බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බඳින තුවක්කු හේතුවෙන් බව යි.
රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට හැකියාව පවතිනවා.
ඒ අනුව 1992 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ජනතාවට ඒ සම්බන්ධ තොරතුරු ලබා දිය හැකියි.
එලෙස තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














