වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමින් සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ ඒ අනුව නිලධාරීන් 4,530කට ස්ථිර පත්වීම් ලබාදෙන බවයි.
මේ තුළින් විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට හැකි වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.