වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද පෙරවරුවේ අත්සන් තැබුවා.
ඒ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදියි.
අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
2026 අයවැය යෝජනාව අනුව රුපියල් 1,350 ක් ලෙස ගෙවනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400 කින් ඉහළ නැංවීමට තීරණය කරනු ලැබුවා.
මෙම වැඩිවීමෙන් රුපියල් 200 ක් වැවිලි සමාගම් විසින් ද ඉතිරි රුපියල් 200 රජය මඟින් ද ලබා දීමට එකඟ වූ අතර, ඒ අනුව දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ ගියා.
මෙම වැටුප් වැඩිවීම 2026 ජනවාරි පළමුවනදා සිට සිට ක්‍රියාත්මක වනවා.










