නුවරඑළිය නානුඔය සමර්සෙට් වතුයායේ කාර්බෙක්ස් කොටසේ වතු කම්කරුවන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ රජයට ආශීර්වාද පතා එම වතුයායේ හින්දු කෝවිලේදී අද(14) පස්වරුවේ ආශීර්වාද පූජාවක් පවත්වා තිබෙනවා.
තම දෛනික මූලික වැටුප රුපියල් 1350 සිට රුපියල් 1750 දක්වා රුපියල් 400කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා සහ රජය කටයුතු කිරීම සම්බන්ධයෙනුයි මෙම ආශීර්වාද පූජාවට පවත්වා ඇත්තේ.
එම පූජාවට එක් වූ වතු කම්කරුවන් කියා සිටියේ වසර ගණනාවක් තේ වත්තේ වැඩ කළ තමන්ගේ වැටුප වැඩිකර ගැනීමට හැකි වූයේ වැඩවර්ජන සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නියැලෙමින් බවයි.
කෝවිලේ ආශීර්වාද පූජාවට පැමිණි සියලු වතු කම්කරුවන්ට කෝවිලේ පිලියෙල කරන ලද කිරිබත්ද අනුභව කිරීමට ලබාදී තිබෙනවා.
එසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නියැලී ඉතා සොච්චම් මුදලක් පමණක් තම වැටුප වැඩි වූ බවත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ සමයේ පොරොන්දු වූ පරිදිම තම දෛනික වැටුප වැඩි කිරීමට කටයුතු කිරීම තුළින් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි වතු කම්කරුවන්ගේ විශ්වාසය වැඩි වී ඇති බවයි වතු කම්කරුවන් කියා සිටියේ.
මෙම වැටුප් වැඩි කිරීමට විරුද්ධ පක්ෂයට විරුද්ධ වීමට කිසිදු අයිතියක් නොමැති බවද ආශීර්වාද පූජාවට එක්වූ වතු කම්කරුවන් කියා සිටියා.











