වතුකර ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා මේ වන විට වතු සමාගම් සමග පවත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් එම ජනතාවගේ දෛනික වැටුප රු. 1700ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කිය සිටියේ ඊයේ(23) දින හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍ය්ානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට වත්මන ්රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
ඉකුත් රජය සමයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර නොමැති බවත් එම නිවාසවල ඉතිරි ඉදිකිරීම් කටයුතුද වත්මන ්රජය විසින් සිදු කර වතුකරයේ ජනතාවට ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.