ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් එම ජීවන වියදමට සරිලන සේ දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කරන ලෙසත් ඉල්ලීමක් කරමින් මස්කෙළිය ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද(01) දින තැපැල්පත් යොමු කරනු තිබෙනවා.
මස්කෙළිය තැපැල් කාර්යාලයට පැමිණි වතු කම්කරුවෙන් රුපියල් 2000ක දෛනික වැටුපක් ඉල්ලා මෙලෙස ජනාධිපතිවරයා වෙත තැපැල් පත් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.