Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන් 

    වත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන් 

    2025-09-27කියවීමට මිනිත්තු 5ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ මොහොත වන විට ජනාධිපතිවරණයේ ජන වරම පාර්ලිමේන්තුවේ ජන වරම ආණ්ඩුව විනාශ කර ගෙන ඇති බවත් විදුලි බිල රු. 3000 සිට රු. 2000 දක්වා 33%කින් අඩු කරන බවට පැවසූ බවත් නුදුරේදීම අයි. එම්. එෆ්. උපදෙස් පරිදි විදුලි බිල වැඩි කරන්න යන බවත් විපක්ෂයේ සිටින විට අයි. එම්. එෆ්. එකේ පදයට නටන්නේ නැති බව පැවසුවත් දැන් ආණ්ඩුව අයි. එම්. එෆ්. එකේ පදයට නටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ආනමඩුව නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

    දැන් ජනතාව ඉන්නේ ඇත්තටම සතුටින්ද කියලා හිතල බලන්න?

    ජනතාව අද ජිවත් වන්නේ සතුටින්ද?, තෘප්තිමත් ජීවිතයක් ගත කරනවාද? ලැබෙන ආදායම ගැන සෑහීමකට පත් වන්නේද ? යන ප්‍රශ්න ගැන ජනතාව විමසා බැලිය යුතු බවත් අද වන විට දුප්පත්කම තුරන් කිරීමේ මාතෘකාව ගැන විශේෂඥයන් අදහස් පළ කරන ආකාරයට රටෙන් 50%ක් දුප්පතුන් බවත් මේ දුප්පත්කමින් මුදවා ගැනීමට, ශක්තිමත් ජීවනෝපායක් නිර්මාණය කිරීමට නම් හොඳ ආදායම් මාර්ග, කර්මාන්තශාලා ඇති කළ යුතු බවත් නිෂ්පාදිත භාණ්ඩ අපනයනය කර රටට ඩොලර් උත්පාදනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    2028 සිට ණය ගෙවන්න බැරි වුනොත් නැවත වරක් බංකොලොත්

    එසේම නූතන ලෝකයේ අලුත් අධ්‍යාපන ක්‍රමයක් හරහා සම්ප්‍රදාය, සභ්‍යන්තවය ඉතිහාසය රැකගෙන අධ්‍යාපනය සුහුරු කර සුහුරු පුරවැසියා නිර්මාණය කළ යුතු බවත් අද අප රටේ ඇති දසදහසකට වැඩි පාසල් ප්‍රමාණය තුළ නූතන අධ්‍යාපනය සදහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් නොමැති බවත් පාස්කු ප්‍රහාරය, කොරෝනා කෝවිඩ් සහ බංකොලොත්භාවය නිසා රටම වැටී ඇති බවත් 2028 දීත් නැවත වරක් රතු එළියක් පත්තු වෙන බවත් එනම් 2028 සිට වාර්ෂිකව ඇ. ඩොලර් මිලියන 5500ක විදේශ ණය ගෙවිය යුතු බවත් එය නොගෙව්වොත් අප රට බංකොලොත් රටක් ලෙස නම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    රටේ සෘජු විදේශ ආයෝජනවත් වැඩි වෙන්නේ නැහැ

    ආර්ථික විශේෂඥයන්ට අනුව මේ වසර 3දී 5%කට වැඩි ආර්ථික වර්ධනයක් තබා ගත යුතු බවත් රට බංකොලොත් වූ කාලයේ වින්ද දුක ජනතාවට අමතක නැති බවත් පොහොර, බීජ, ඉන්දන මිල ඉහළ ගිය බවත් නැවත වරක් රට බංකොලොත් වුවහොත් තවත් බංකොලොත්භාවයේ ඛේදවාචකයට මුහුණ දීමට සිදුවන බවත් 2028 ණය ගෙවන්න නම් කර්මාන්තශාලා බිහි වී, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දියුණු විය යුතු බවත් අද මේ අය නැත්තටම නැති වී ගොස් බවත් පරාටේ නීතිය හරහා මේ අයගේ ව්‍යාපාර 260000ක් වැසී හෝ වෙන්දේසි වී ඇති බවත් රජයට අදටත් මේ අයට සහනයක් දෙන්න බැරිව ඇති බවත් රටක් ලෙස අප ගොඩනැගෙන්න නම් සෘජු විදේශ ආයෝජන වැඩිවිය යුතු වුවත් අද ඒවා වැඩි නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    රටට ඩොලර් ගෙන එන කර්මාන්තශාලා පවා වැසී යනවා

    අද ඩොලර් බිහි වෙන්නේ නැති බවත් කර්මාන්තශාලා පවා වැසී ගොස් රැකී රක්ෂා අහිමි වෙමින් පවතින බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ආරම්භ කළ කර්මාන්තශාලා පවා වැසී ගොස් ඇති බවත් ණය ගෙවන්න නම් රටක් ලෙස ආයෝජන හිතෛශී වාතාවරණයක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    අලි මිනිස් ගැටුම වැළැක්වීමට ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් අවශ්‍යයි

    අපේ රටේ සිටින හීලැ නොවන මුළු වන අලීන්ගෙන් 30%ක් රක්ෂිතවල සිටින බවත් 70%ක් මිනිස් වාසයත් සමග සිටින බවත් මේ අලීන් ගම්මානවල, ගොවිබිම්වල, හේන්වල, ජනපදවල සිටින බවත් ඉඩම් ප්‍රමාණය ගෙන බලන විට අපේ රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් රක්ෂිතවල ප්‍රතිශතය වන්නේ 18%ක් බවත් රටේ මුළු භූමි භාගයෙන් 44%ක් ප්‍රමාණයක මිනිසුන් සහ අලින් සිටින බවත් මේ ඉලක්කම් ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගෙන වන අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් සකස් කළ යුතු බවත් ඒ හරහා රක්ෂිත, ජනපද, කර්මාන්තශාලා, වනෝද්‍යාන, වන සංරක්ෂණ බලප්‍රදේශ ආදිය නිවැරදිව කළමනාකරණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    පරිසර කේන්ද්‍රිය සංචාරක කර්මාන්තය හරහා ඩොලර් ඉපයිය හැකියි

    මේ හරහා වන අලින් වාසය කරන බල ප්‍රදේශ හඳුනා ගෙන අවශ්‍ය අලි කොරිඩෝ නිර්මාණය කර අලි මිනිස් ගැටුම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් වගා හානි, දේපල හානි, ජිවිත හානි මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයන් ප්‍රමාණය ද වැඩි වන බවත් එම නිසා ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් සකස් කර පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය හරහා ආදායම් උත්පාදනය කළ හැකි ආකාරයට වන අලි සම්පත කළමනාකරණය කර ගත හැකි බවත් මේ තුළින් ඩොලර් උත්පාදනය මෙන්ම ගොවිතැනත්, මිනිස් ජීවිතත්, වන අලි සම්පතත් රැකෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් නැහැ

    අද වන විට ගොවිතැනට අවශ්‍ය බීජ, පොහොර, උපකරණ මිල දරාගත නොහැකි බවත් ඊට අමතරව වගා හානි අලි මිනිස් ගැටුම නිසා සිදුවන හානිවලට රක්ෂණ වන්දි නොමැති බවත් මේ ගැටලු මැද නෙළන අස්වැන්නට සාධාරණ මිලක් නොමැති බවත් 14% තෙතමන ප්‍රතිශතය අනුව වීවලට රු.120ක් නොලැබුණු බවත් කුණු කොල්ලයට වි ගත් බවත් පැය 24ම වගාවට කැපකරත් අස්වැන්නට සාධාරණ මිලක් නොමැති බවත් පසු අස්වනු තාක්ෂණය අප රටේ නොමැති බවත් මේ තත්ත්වය වෙනස් කර නව ගමනක් යා යුතු බවත් නවීන තාක්ෂණය උපයෝගී කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    අපි ගාව නෑ, බෑ, බලමු කියන උත්තර නැහැ

    ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුත්තේ බලය සහිත ආණ්ඩුව බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සංවර්ධනය වෙනුවෙන් එක රුපියලක්වත් වෙන් කර නොමැති බවත් මූල්‍යමය ගැටලු තිබුණත් මේ ගැටලුවලට නෑ, බෑ, බලමු යන උත්තර විපක්ෂයෙ නොමැති බවත් ජනතා ගැටලුවලට දිය හැකි උපරිම විසදුම් ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    මැතිවරණයෙන් පසුබැස්සා කියා ජනතා සේවාව අමතක කරන්න බැහැ

    මැතිවරණවලින් පසුබෑමකට ලක්වූවා කියා ජනතා සේවාව අමතක කර නොමැති බවත් මේ ගැටලු ප්‍රශ්නවලට විසදුම් ලබා දීම ප්‍රමුඛතම කාර්යය වී ඇති බවත් මේ ගැටලු පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ඉදිරිපත් කර විසදුම් ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    පෙර පුව​තමන්නාරමේ උණුසුම් තත්වයක්
    ඊළඟ පුව​ත මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    2026-03-10
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group