හැටන් කොටගල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් කොටගල මේෆීල්ඩ් වතුයායට පිවිසෙන මාර්ගය කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් එම වතුයායේ පදිංචි වතුකම්කරුවන් 1500ක් පමණ දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
වතුයායට පිවිසීමට ඇති එකම මාර්ගය කිලෝමීටර් 4.5ක් බවත් එම මාර්ගයේ කිලෝමීටරයක දුරක් 2015 වසරේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය දීමෙන් පසු ඉතිරි කිලෝමීටර් 3.5ක දුර මෙතෙක් ප්‍රතිසංස්කරණ නොකිරීමෙන් එම මාර්ගය මේ වන විට දැඩි ලෙස වළවල් හැරී රථ වාහන ගමනාගමනයට මෙන්ම පයින් ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවයි පීඩාවට පත්වී සිටින එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.
මීට ප්‍රථම හදිසියේ රෝගාතුර වූ තම වතු යායේ රෝගීන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් මාර්ගයේ පවතින දැඩි අබලන් තත්ත්වය හමුවේ කොටගල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළම එම රෝගීන් මියගිය බවයි එම වතුයායේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු කියා සිටියේ.
කොටගල මේෆීල්ඩ් දමිල මහා විද්‍යාලයේද සිසු සිසුවියන් 300 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන බවත්, එම සිසු සිසුවියන් මෙන්ම පාසලේ ඉගැන්වීම් කටයුතු කරගෙන ආචාර්ය මන්ඩලයද පවතින අයහපත් කාලගුණය හමුවේ එම මාර්ගයේ පා ගමනින් පාසල වෙත යනවිට දැඩි ලෙස පීඩාවට පත්වන බවයි වතු කම්කරුවන් පවසන්නේ.
එම වතු යායේ ඉදිකෙරුණු ක්ෂේත්‍ර සායන මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතාද අවධාරණය කර සිටියේ වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ ධෑඹීමට මෙවැනිම මධ්‍යස්ථාන ඉදිකිරීමෙන් පමණක් පලක් නොවන බවත් එම මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා පැමිණෙන වෛද්‍යවරුන්ට, වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ටද පිවිසීමට නිසි මාර්ගයක් තිබිය යුතු බවයි.
එම මාර්ගයේ දිනකට පෞද්ගලික බස් රථ තුනක් ධාවනය වුවද එම බස් රථද ධාවනය වන්නේ දැඩි බාධක මැද බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.
තවද එම වතු යායේ සිට ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඇළ මාර්ගය වසර ගණනාවකින් පුළුල් නොකිරීමෙන් වැසි දිනවලදී ඇළ පිටාර ගැලීමෙන් තම නිවාස ජලයෙන් යටවන බවත් එම නිසා පවත්නා තත්ත්වය මත මේෆීල්ඩ් මාර්ගය සහ ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඇළ මාර්ගය පුළුල් කරදීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන මෙල් බලධාරීන්ගෙන් වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.