වයස අවුරුදු 10ක් වූ තෝප්පු, අච්චුවේලී ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකු ඊයේ (26) වගා ළිඳකට වැටී මියගොස් ඇති බවට අච්චුවේලී පොලිසිය සඳහන් කරනවා.
අච්චුවේලී පොලිස් වසමේ අරසඩි වීදීය ප්‍රදේශයේදී පිරිමි ළමයෙකු මෙලෙස මිය ගොස් ඇති අතර, මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අච්චුවේලී පොලිසිය විසින් සිදු කරන බව සඳහන්.