දේශපාලඥයින්ට විවිධ වංචා හා දූෂණ අක්‍රමිකතා සඳහා සහය දැක්වූ බව කියන උසස් රාජ්‍ය නිළධාරින් 18 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුලු විමර්ශන කණ්ඩායම් විසින් එම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
විවිධ දූෂණ චෝදනා එල්ල වූ උසස් රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙකු මේ වන විට විදේශයන් වෙත ගොස් ඇති බවද ආරංචි මාර්ග අනාවරණ කළා.
එසේම අදාළ නිළධාරීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට ද එම විමර්ශන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.