ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දින උදාව ඊයේ සියලු ලෝකවාසීන් මහත් හරසරින් පිළිගනු ලැබුවා.
මෙවර නත්තල් උදාව ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද අති උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා.
ඒ 2023 වසරේ ගාසා තීරයේ යුධ ගැටුම් ආරම්භ වී වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්.
අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව මෙහෙයද ඊයේ පැවත්වුනා.
ඒ රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදීයි.
දුප්පතුන්ට උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමට සමාන බව 14 වන ලියෝ පාප් වහන්සේ පවසනවා.
සිය පළමු දිව්‍ය පූජාව පවත්වමින් ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කළේ නත්තල යනු ඇදහිල්ල , දායාව සහ බලාපොරොත්තුවේ මංගල්‍යයක් බවයි.
මිනිසුන් හුදු වෙළද භාණ්ඩ ලෙස සැලකීමට අපව යොමුකරන විකෘති ආර්ථිකයන් විවේචනය කළ උන්වහන්සේ පෘථිවිය තුළ මිනිසුන්ට ඉඩක් නොමැති නම් දෙවියන් වහන්සේට ද ඉඩක් නොමැති බව ද පැවසුවා.
ඊට අතිවිශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මේ අතර නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
මෙවර ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුනේ උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදීයි.
නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසුවේ, සමාජය පිරිසිදු කිරීමට තණ්හාව දුරු කළ යුතු බවයි.
මේ අතර අසිරිමත් නත්තල වෙනුවෙන් වී එෆ් එම් විශේෂ සජීවී නත්තල් දිව්‍ය පූජාව මාබෝල ආරෝග්‍යා දේවමාතා දෙව් මැදුරේ පැවැත්වුනා.
මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් අද දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අද දින එලෙස පැමිණෙන අමුත්තන් ආහාර හෝ රසකැවිලි එක් රැඳවියෙකුට ප්‍රමාණවත්ව රැගෙන එන ලෙසයි.













