ළමා සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධීන් වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැපවෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අදට යෙදෙන ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කලා.
දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපැවැත්ම වෙනුවෙන් රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කලා.
දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම, ඔවුන්ගේ සිනහව මෙන්ම ප්‍රීතිය ජාතියේ බලාපොරොත්තුව බවත්, වැඩිහිටියන් මෙරට ප්‍රගමණය වෙනුවෙන් ලබා දුන් සහය ද ගෞරවයෙන් සිහිපත් කරන බවයි ජනාධිපතිවරයා සදහන් කලේ.