ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල කලාපයේ 78 වන සමුළුව සෞඛ්‍ය ප්‍රගමනයට සුබවාදී තීන්දු රැසක් සමගින් සාර්ථකව අවසන් වුණා.
ශ්‍රී ලංකාව නිල සත්කාරකත්වය දරමින් සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය පළ කළා.
සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ ඇතුලු රටවල් 8ක සෞඛ්‍ය අමාත්‍යවරු හා නියෝජිතයන් සහභාගී වුණා.
ලෝකයට හා කලාපයට බලපාන සෞඛ්‍ය හා සම්බන්ධ කරුණු ගණනාවක් පිළිබද නව තීරණ රැසකට එහිදි එළඹ තිබෙනවා.