ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන 78 වන කලාපිය කමිටුව ලබන සතියේ කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළ වලට එරෙහිව සටන් කිරීම මෙම සැසියේදී සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රමුඛ වනවා.
ඔක්තෝබර් 13 සිට 15 දක්වා පැවැත්වෙන මෙම සැසිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ 78 වන කලාපිය කමිටු සැසියයි.
මෙහිදී අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කිරීම පිළිබඳව සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙනු ඇති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අට්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොමේ ඇතුළු අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් ද මේ සදහා එක්වීමට නියමිතයි.
ඔවුන් ඉදිරි වසරක කාලය සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීමට මෙම සැසිවාරයේදී කටයුතු කරනු ඇති.
මෙම කලාපීය සමුළුවේදී ප්‍රමුඛ සෞඛ්‍ය ගැටළු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමටත්, පෙර වසර වල යෝජනා වල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් අපේක්ෂා කරනු ලබනවා.