ලෝක සමාජ මාධ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබෙනවා. මේ අනුව ලොව දැවැන්ත වෙනසක් සිදු කිරීමට මෙන්ම ලෝකයම එක් ස්ථානයකට පත් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයක්. නව මාධ්‍ය ප්‍රවණතා ඔස්සේ මේ වන විට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්ව තිබෙනවා. තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වන විට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් ගොඩ නඟා තිබීමද විශේෂත්වයක් ලෙසයි සැලකෙන්නේ. ලෝකයේ මහාද්වීප යා කරමින් අති විශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වනවා. ඒ අතර ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික් – ටොක් වැනි සන්නිවේදන මෙවලම් මේ වන විට ලොව සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි














