ලෝක වෙළෙඳ පොලේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වන විට ලෝක වෙළෙඳපොලේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39 යි ශත 40 ක් වන බවයි. එය ශ්‍රී ලංකා මුදලෙන් රුපියල් 11,885 වනවා.
මේ අනුව මෙම වසරේ රිදී මිල සියයට 36 කින් ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් සියයට බින්දුවයි දශම තුනකින් රිදී මිල ඉහළ ගොස් ඇති බව සඳහන්. ඇමෙරිකාව විසින් එරට තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් වැඩිවශයෙන් නැඹුරු වීම මෙලෙස රිදී මිලේ ඉහළ යෑමට හේතු වී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේදී රිදී මිල සියයට 36 කින් ඉහළ ගියද, රත්රන් මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 31 කින් පමණක් වීමයි. නවතම අනාවරණය අනුව මෙම වසරේ රිදී අවුන්සයක මිල ඩොලර් 42 ක් දක්වා ඉහළ යා හැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසා ඇත්තේ. කෙසේ වෙතත් 2011 වසරේ දී රිදී අවුන්සයක වටිනාකම ඩොලර් 49 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.