ඉන්දියාවේ “රාබා” ලෝක වාර්තා වැඩසටහනට (Raaba Book World Records) සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණයෙකු වූ ආර්.ඒ. විග්නේෂ්වරන්, විදේශිකයන් තිදෙනකු තබා තිබූ ලෝක වාර්තා 03 ක් බිද දමා නව ලෝක වාර්තා පිහිටුවීමෙන් පසුව ඊයේ(17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියා.
මෙම ලෝක වාර්තා තැබීම ඉකුත් 10 දින සිට 14 දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර දී “රාබා“ ලෝක වාර්තා සංවිධානයේ අධීක්ෂණය යටතේ සිදු කර තිබෙනවා.
මෙහිදී ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු විසින් තබා තිබූ වාර්තාව බිඳදමමින් කිලෝග්‍රෑම් 1,820 ක් බරැති මෝටර් රථයක් විනාඩි 45 යි තත්පර 07 ක් තුළ කිලෝමීටර් 04 ක දුරක් නොනවත්වා ඇදගෙන යමින් විග්නේෂ්වරන් පළමු ලෝක වාර්තාව 10 දින තබා තිබෙනවා.
ජපාන ජාතිකයෙකු විසින් තබා තිබූ වාර්තාවක් බිඳදමමින් විග්නේෂ්වරන් විසින් සිය පපුව මත තබා, කොන්ක්‍රීට් කුට්ටි 365 ක් විනාඩි 24 යි තත්පර 03 ක් තුළ කඩා දමමින් සිය දෙවන ලෝක වාර්තාව 12 දින තැබුවා.
ඔක්තෝබර් මස 14 වන දින විග්නේෂ්වරන් සිය තෙවන ලොක් වාර්තාව තැබුවේ නොනවත්වා පැය 24ක කාලයක් නර්තනයෙහි යෙදෙමිනි.
එහිදී බිඳ දැමුණේ පිලිපීන ජාතිකයෙකු විසින් තබා තිබූ තවත් ලෝක වාර්තාවකි.
විග්නේෂ්වරන් බගවන්තලාව වතුයායේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට මෙම ලෝක වාර්තා තැබීම සඳහා, ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ” කිරිවලම්” නැමති සමාජ සත්කාරක ආයතනය විසින් අවශ්‍ය මුල්‍ය දායකත්වය ලබා දී තිබෙනවා.
මෙම ජයග්‍රහණයන් රැගත් විග්නේෂ්වරන් ඊයේ (17) දින රාත්‍රී 07.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.-1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් සහ ”කිරිවලම්” සමාජ සත්කාරක ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.