ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද දින ශ්‍රී ලංකාවට පැමිණෙනවා.
ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයක් .
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතයි.