ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා. 2027 අදියරේ අවසන් මහා තරගයේ සත්කාරකත්වයට ඉන්දියාවේද බලාපොරොත්තුවක් තිබූ පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්. සිංගප්පූරුවේ පැවති අයි.සි.සි වාර්ෂික සමුළුවේදී මෙම තීරණය අනුමත කර ඇති බව සඳහන්. ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊට දැක් වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අනුව 2021 වසරේ පැවැති අවසන් මහා තරගය ඇතුළුව මේ දක්වා පැවැති සෑම අදියරකම 2023 – 2025 අවසන් මහා තරග සඳහා ද සත්කාරකත්වය ලබා දී ඇත්තේ එංගලන්තයයි. 2023 – 2025 අදියරට අදාළ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පසුගිය මාසයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුළු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූණා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










