ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මතවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනි.
එම සටහනට අනුව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෘත්තීමය සගයෙකුගේ අහිමිවීමකට වඩා මිතුරෙකුගේ වියෝජව තමා වේදානවට පත් කරන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තබන ලද සටන පහතින් දැක්වේ.
“හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව අසා මම බෙහෙවින් සංවේගයට පත් වූයෙමි.
වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අපව වේදනාවට පත් කරයි. ලොහාන්ගේ හදිසි වියෝව මා තුළ දැඩි වේදනාවක් ඇති කළ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ ලෙස මා කිසිදින මිතුදම්, ලෙංගතුකම් අමතක කර නැත. අමතක කරන්නේද නැත. සැමදා මා සමඟ සිටින ජනතාව ද, දේශපාලනික සගයන් ද මගේ ශක්තියයි. ලොහාන් ද සැමදා මා සමඟ මා අසලින්ම සිටි සමීපතමයෙකි. බොහෝ දෙනෙකු ඔහුව හඳුනන්නේ ඍජු, දැඩි තීරණ ගන්නා දේශපාලකයෙක් ලෙසිනි. ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මත වාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙකි. මහනුවර ජනතාවට හිතවතෙකි. මහින්දට හිතවතෙකි.
වසර ගණනාවක් පුරා සමීපව ඇසුරු කළ ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මා හිතවත් ලොහාන් ඔබට සුබ ගමන්..”