ලොව වයස්ගතම මැරතන් ධාවකයා වන ෆවුජා සිං, පෙරේදා මිය ගිය බව ඉන්දීය පොලිසිය පවසනවා.
ඒ ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන්.
ඉන්දියාවේ පන්ජාබ් හි බියාස් අසල මාර්ගයක ගමන් කරමින් සිටියදී වාහනයක ගැටීමෙන් මෙලෙස මිය ගොස් තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 114 ක්.
එහිදී හිසට සහ ඉළ ඇටවලට සිදු වූ තුවාල හේතුවෙන් ඔහු මිය ගිය බවයි පොලීසිය පවසන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඔහුව “ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් සහිත සුවිශේෂී ක්‍රීඩකයෙකු” ලෙස හඳුන්වා තිබෙනවා.