ලොරි රථයක් සහ වෑන් රථ්‍යක් ගැටීමෙන් අද(17) සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙක් බරපතල තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසනවා.
හැටන් නුවරඑළිය මාර්ගයේ හැටන් කුඩාගම මංසන්ධියේදී අද(17) පස්වරු 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
හැටන් සිට කුඩාගම දක්වා ධාවනය වූ ලොරි රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට ධාවනය කිරීමේදී ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
අනතුරින් ලොරි රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ලොරි රථයේ රියදුරා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.













