ඩයගම සිට මහනුවර දක්වා ධාවනය වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
අදාළ අනතුර සිදු වූයේ ඊයේ(20) දින උදෑසන 7ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදීයි.
ඩයගම සිට මහනුවර දක්වා ධාවනය වූ නාවලපිටිය ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට විවේක ගැනීම සඳහා බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කළ අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙක්ද බස් රථයේ පසුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බසින අවස්ථාවේ නාත්තන්ඩියේ සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් රා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
ලොරි රථයේ සහ ලංගම බස් රථයේ රියදුරන් දෙදෙනාම දිඹුල පතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර ලොරි රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ලංගම බස් රථයේ රියදුරා අපරීක්ෂාකාරීම සහ බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කිරීම නිසා එම රියදුරාද එම අනතුරට වගකිවයුතු බවයි දිඹුලපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරන් දෙදෙනා ඊයේ(20) දින පස්වරුවේ හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් දෙදෙනා මෙම මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ ලිඳුල දහ දිඹුලපතන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් සහ අවුරුදු 42ක් වන පුද්ගලයන් දෙදෙනෙකි.













