යතුරු පැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(11) සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නානුඔය පොලිසිය කියා සිටියා.
උදෑසන 10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ නුවරඑළිය – හැටන් A7 ප්‍රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් ප්‍රදේශයේදී මේ අනතුර සිදුව තිබෙනවා.
නුවරඑළිය සිට හැටන් දක්වා යතුරු පැදියට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් නානුඔය සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලොරි රථයේ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුරින් යතුරු පැදියටද දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනයේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.













