හුණුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාර පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන් 11 දෙනෙකු කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
ඉන් හත් දෙනෙකු අද පෙරවරුවේදී දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම පාසල් සිසුන් පිරිස පාසලේ පැවති උපකාරක පන්තිය නිම වී නිවෙස්වලට යාම සඳහා ලොරි රථයකට ගොඩ වී ඇති අතර වංගු ප්‍රදේශයකදී මොවුන් ලොරි රථයෙන් විසි වී වැටී ඇති බවයි වාර්තා වන්නේ.