සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලොකු පැටී නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අලුත්මග පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් සහ 27ක් වන තරුණයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී ජාවාරම් මුදල් රුපියල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.













