ශ්‍රී ලංකාවට තවදුරටත් ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ අලෙවි කළමනාකරු හර්ෂ අබේසූරිය මහතා පවසනවා.
ඊට හේතුව දේශීය නිෂ්පාදනය මේ වන විට ජාතික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් වීම බවයි ඔහු අවධාරණය කළේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ, වර්තමාන මහ කන්නයේදී මේ වන විටත් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ අස්වැන්න නෙළාගෙන ඇති බවයි.
වැසි සමය අවසන් වීමෙන් පසුවතවත් ලුණු තොග අපේක්ෂා කරන බවද ඔහු එහිදී අවධාරණය කළා.