මෙරට වෙළෙඳපොළේ ලුණු ග්‍රෑම් හාරසීයේ පැකට්ටුවක මිල රුපියල් 150ත් 160ත් දක්වා ඉහළ ගොස් ඇති බවට වෙළදසැල් හිමියන් සහ පාරිභෝගිකයින් පවසනවා.
එසේම කිලෝග්‍රෑමයක ලුණු පැකට් හිගතාවයක් ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රට තුළ පවතින ලුණු හිගයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මේ වන විට මෙරට වෙළෙඳපොළේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.
මෙරට වාර්ෂික ලුණු පරිභෝජනය දළ වශයෙන් මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ 80,000ක් පමණ වන අතර පසුගිය වසරේ අග භාගයේ සිට ඇති වූ අයහපත් කාලගුණයත් සමග ලුණු අස්වැන්න ශීඝ්‍ර ලෙස පහත වැටී තිබුණා.
කෙසේ වෙතත් අපේක්ෂිත ලුණු අස්වැන්න සපුරා ගැනීමට අපොහොසත් වීම හමුවේ රට තුළ පවතින ලුණු හිගයට විසඳුමක් ලෙස මෙරට සාමාන්‍ය පරිභෝජනය සඳහා වසර 15කට පසු ලුණු ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.