ඊශ්‍රායලයේ දී මියගිය සුජිත් බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි .
හඬ පට ධාවකයපසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු අතුරුදන් වූ බව වාර්තා වුණා .
ඔහු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා දැනුම් දෙනු ලැබුවා .
ඉන් අනතුරුව සුජිත් බණ්ඩාර මහතා මියගොස් ඇති බවටයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර තහවුරු කලේ .
වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයා, මිය යන විට 48 වැනි වියෙහි පසු වුණා.