ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5නට ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 4,330ක් ලෙසයි
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක් ලෙස දැක්වෙනවා.














