ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
ඒ ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයේදීයි.
එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ මෙලෙස හදිසි ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවයේ නිරත ලාංකික තරුණයන් පිරිසක් ගමන් රැගත් බස් රථයක් බවයි.
එසේම අදාළ බස් රථය ගින්නේන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිනවා.
බස් රථය ගිනි ගැනීමත් සමගින් එහි දොර අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් බස් රථයේ ජනේල් කඩා එහි සිටි පිරිස් ඉන් පිටතට පැමිණීමට කටයුතු කර තිබෙනවා.
එලෙස පැමිණීමේදී එක් තරුණයෙකුගේ පාදයක් තුවාල වී ඇති බවත් ඔහු රෝහල් ගත කළ බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
තුවාල ලැබූ තරුණයාගේ තත්ත්වය බරපතල නොවන බවත් අදාළ සමාගමද ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සොයා බලන බවත් අනෙක් පිරිස සුපුරුදු පරිදි තම සේවා කටයුතුවල නිරත වන බවත් නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසනවා.