නවීන තාක්ෂණයෙන් යුතු ජාතික හැදුනුම්පත කඩිනමින් හදුන්වාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ නව ජාතික හැදුනුම්පතට කිව්ආර් කේතයක් ඇතුලත් කිරීමට ද පියවර ගන්නා බවයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කළා.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව කාර්යාලය මගින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මෙන්ම විදේශ ගමන් බලපත්‍ර සදහා ඇගිලි සලකුණු ලබා ගැනීම ද සිදුකෙරෙන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කළා.