පාන් ඇතුළු බේකරි නිෂ්පානවල මිල ඉහළ නොදවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
විදුලිය ගාස්තුව 15%කින් ඉහළ ගියත් තම නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට නොමැති බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉහළ ගිය විදුලි ගාස්තුව නිෂ්පාදන වියදමට එකතු වුවද මෙම අවස්ථාවේදී නිෂ්පාදනයන්හි මිල ඉහළ නැංවීමට අදහසක් නොමැති බවයි.
එසේම මෙම අවස්ථාවේ මිල ඉහළ දැමීමක් සිදු නොරකන ලෙසට බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ජයවර්ධන මහතා පවසනවා.