ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා ගොන් ප්‍රී තරගාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ශූර සමිත දුලාන් සමත්වී තිබෙනවා.
එෆ් 64 කාණ්ඩයෙන් තරග වැදී ඔහු එහිදී දැක්වූ දක්ෂතාවය මීටර 61.88ක්.
සමිත දුලාන් එම තරග ඉසව්වේ පැරා ඔලිම්පික් රීදී පදක්කම්ලාභියා ද වනවා.
මලල ක්‍රීඩකයින් වන නුවන් ඉන්දික, ප්‍රදීප් සෝමසිරි සහ යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් උපාලි බණ්ඩාර මෙම තරගාවලියට එක්ව සිටිනවා.